විදෙස්

ජපන් සමාගම් රැසක් චීනය හැරයයි

(UTV | චීනය) – චීනයේ ස්ථාපිත ජපන් සමාගම් රැසක් චීනය හැර යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊට ප්‍රධාන හේතුව , චීනයේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ මතභේදාත්මක විදේශ ප්‍රතිපත්ති බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව රූපලාවන්‍ය භාණ්ඩ හා සුවද විලවුන්, රෙදිපිළි, ගෘහ උපකරණ සහ මෝටර් රථ හා අමතර කොටස් නිෂ්පාදනයට අදාල ජපන් සමාගම් 135 ක් පමණ චීනයේ සිදු කරන සිය මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

චීනයේ කොවිඩ් ශුන්‍ය ප්‍රතිපත්තිය හමුවේ සිදු කරන නගර වසා දැමීම හා තායිවාන අර්බුදය බවයි අදාළ වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

මේ පසුබිම තුළ චීනයේ මෙහෙයුම් කටයුතු වල නිරත ජපන් සමාගම් රැසක් වියට්නාමය සහ දකුණු ආසියාවේ වෙනත් රටවලට මාරු වෙමින් සිටින අතර ඇතැම් සමාගම් යලි මව්‍රට වෙත සිය මෙහෙයුම් කටයුතු රැගෙන යමින් ඇති බව ද පැවසෙනවා.

Related posts

නවසීලන්තයට භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

චීනයේ බීජිං නුවරින් යළිත් කොරෝනා රෝගීන් වාර්තා වෙයි

Mohamed Dilsad

සතුන් සඳහාත් කොවිඩ් එන්නතක්

Mohamed Dilsad

Leave a Comment