දේශීය

කොළඹට හෙට පැය 18 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 8 සිට අනිද්දා අලුයම 2 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට එලෙස පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

අඹතලේ ජල පවිත්‍රාගාරයේ හදිසි විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටු වන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

Related posts

දස වන පාර්ලිමේන්තුවේ ආරම්භය සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 21දා

Editor O

ඇඳිරි නීතිය තිබියදී ජන ජීවිතය යථා තත්ත්වයට පත්කරන ආකාරය [RELEASE]

Mohamed Dilsad

අද සිට සිකුරාදා තෙක් ඇමැතිවරුන්ට මැතිසබය අනිවාර්යයි

Mohamed Dilsad

Leave a Comment