දේශීය

ඩුබායි සිටි ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට රැගෙන එයි

(UTV | කොළඹ ) – අද (07) පෙරවරුවේ නව කොරෝනා වෛසරයේ ව්‍යාප්තිය හේතුවෙන් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායි හි රැඳී සිටි ශ‍්‍රී ලාංකිකයන් 197 දෙනෙකු දිවයිනට පැමිණියේය.

ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 226 දරන විශේෂ ගුවන් යානයෙන් පෙරවරු 06.20 ට එම පිරිස දිවයිනට පැමිණි බවයි.

එලෙස පැමිණි සියලූ දෙනා ගුවන් හමුදාව විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදීම විෂබීජහරණයට ලක් කර ඇත.

ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම ද ගුවන් තොටුපලේදීම සිදු කර තිබේ.

ඩුබායි සිට පැමිණි එම ශී‍්‍ර ලාංකිකයින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට යුධ හමුදාව කටයුතු කර ඇත.

Related posts

”මිත්‍රත්වයේ රාජ්‍යතාන්ත්‍රික සංචාරයේ මතක සැමරුම් ”පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙත

Mohamed Dilsad

තිරිඟු පිටි මිල රුපියල් 40 කින් ඉහළට

Mohamed Dilsad

තවත් ආසාදිතයින් 182 දෙනෙක්

Mohamed Dilsad

Leave a Comment