විදෙස්

ජර්මනිය බරපතල විදුලි අර්බුදයක

(UTV | ජර්මනිය) – ජර්මනිය බරපතල විදුලි අර්බුදයකට මුහුන දෙමින් සිටින බව ජාත්‍යන්තර ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ඒ අනුව එරට විදුලි මිල මෙගාවොට් පැයකට යුරෝ 1000 කට ආසන්න වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඊයේ දිනය වනවිට ජර්මනියේ විදුලි මිල සියයට 720 කින් ඉහල ගොස් ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. පවතින තත්ත්වය අනුව එරට බලශක්ති ව්‍යාපාර බොහොමයක් බංකොලොත්වීමේ අවධානමකට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා.

එම තත්ත්වයට හේතු වී ඇත්තේ රුසියාව විසින් ජර්මනිය ඇතුඑ යුරෝපා රටවලට ගෑස් සැපයුම සීමා කිරීම හේතුවෙන් ගෑස් මගින් ක්‍රියාත්මක විදුලි බලාගාර සඳහා අවශ්‍ය ගෑස් සපයා ගැනීමට නොහැකි වීමයි.

Related posts

ඇමරිකානු සහ මෙක්සිකෝ ජනාධිපතිවරු දුරකථන සංවාදයක්

Mohamed Dilsad

පිලිපීනයේ තාල් දැවැන්ත පිපිරුමකට ලක්විය හැකි බව අනතුරු අඟවයි

Mohamed Dilsad

දකුණු කොරියාවෙන්, උතුරු කොරියාවට ආරාධනාවක්

Mohamed Dilsad

Leave a Comment