දේශීය

ලංකාවේ ණය ගැන ජපානයෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකාවට ණය දී ඇති සියලූ රටවල් එකතුවීම වැදගත් බව ජපානය පවසනවා.

ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සම්බන්ධීකරණය කිරීම ජපානය විසින් සිදුකරන බවයි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට ණය දී ඇති සියලු රටවල් සඳහා ආරාධනා කරන්නැයි ජපානයෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ රොයිටර් පුවත් සේවය සමග පවසා තිබුණා.

එහෙත් එවැනි රැස්වීමක් සඳහා ශ්‍රී ලංකාව සමග කිසිදු සාකච්ඡාවක් පවත්වා නොමැති බවයි ජපාන විදේශ අමාත්‍ය යොෂිමසා හයාෂී සඳහන් කර ඇත්තේ.

Related posts

රාජ්‍ය මුදල් අවභාවිත කල දුම්රිය නිළධාරීන් පිළිබඳ පරීක්ෂණයක්

Mohamed Dilsad

රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය වෛද්‍ය සමන් වීරසිංහ මහතාට

Editor O

සංචාරක ඇමැතිගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment