දේශීය

ඇමති දෙන්නයි මන්ත්‍රී කෙනෙකුයි මානව හිමිකම් කොමිසමට

(UTV | කොළඹ) – අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග සහ පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් විරවංශ යන මහත්වරුන් අද දිනයේ මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

පසුගිය මැයි 9 වැනිදා සහ ඉන් පසුව ඇතිවු ප්‍රචණ්ඩකාරි සිදුවීම් අතරතුර මන්ත්‍රී නිවාස ගිනි තැබිම් හා දේපොළවලට හානි කිරීමේ සිදුවිම් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලවයි මෙම කැඳවීම කර ඇත්තේ.

අදාළ මන්ත්‍රීවරුන් සිය නිවාස ගිනි ගැනීමට ලක් වූ බවට මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව අදාළ මන්ත්‍රීවරුන්ගෙන් අද දිනයේදී විමර්ශනය සඳහා අවශ්‍ය මූලික කරුණු සටහන් කර ගැනීම සිදු කිරීමට නියමිතව ඇති බව, මානව හිමිකම් කොමිසම සඳහන් කළා.

මීට අමතරව මැයි 09 වැනිදා සහ ඉන් පසුව ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවිම් අතරතුර නිවාස හා දේපල හානි වූ ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කිහිපදෙනෙකු ද කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

Related posts

සහල් මිල පාලනයට ජනාධිපතිගේ අවධානය

Editor O

ආර්ථිකය පවත්වාගෙන යාමට බදු ආදායම ප්‍රමාණවත් නෑ

Editor O

රට තුළ මංකිපොක්ස් ආසාදිතයින් සොයන්න අද සිට පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment