දේශීය

පෞද්ගලික බස් හෙට සිට සීමා වෙන ලකුණු

(UTV | කොළඹ) – ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ඉන්ධන නොමැති වීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනය 25% ක් දක්වා අඩු වීම නිසා දුර ගමන් සේවා දරුණු ලෙස කඩාවැටීමකට ලක් වූ බවත් කෙටි ගමන් සේවා බස් රථ ධාවනය ද සියයට 25 ක් දක්වා අඩුවී ඇති බවයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පෞද්ගලික බස් රථ සඳහා අද (28) දිනයේ දී ඉන්ධන ලබා නොදුන්නොත් හෙට දිනයේ දී පූර්ණ වශයෙන් බස් රථ ධාවනය නොවෙනු බවයි.

මේ අතර, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ ඉන්ධන හල් අසළ දිගු පෝලිම් නිර්මාණය වීමට හේතුව බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම බවත් ඉදිරි දින 2 තුළ එම පෝලිම් අඩු කිරීමට කටයුතු කරන බවයි.

තවද ඒ පිලිබදව සමාලෝචනය කර ඉදිරි දින 3 තුළ සියලුම නිෂ්පාදනවල අතිරේක තොග බෙදා හැරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

Related posts

පුනරුත්ථාපන පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකූලයි

Mohamed Dilsad

භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනී

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට පකිස්ථාන සහය

Mohamed Dilsad

Leave a Comment