දේශීය

ජුලි චන්ග් ගෙන් අපූරු ට්විටර් පණිවිඩයක්

(UTV | කොළඹ) –  මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වන ජුලි චන්ග් විසින් සිය ට්විටර් ගිණුමේ අපූරු පණිවිඩයක් සටහන් කළේය.

ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ලෙන්, නව කාර්යාලය ගොඩනැගිල්ලට හුවමාරු වීමේ දී එහි වූ බඩු මුට්ටු නව ගොඩනැගිල්ල කරා ගෙන යන රූපරාමු දෙකක් තම ට්විටර් ගිණුමට එකතු ඇත.

එහි දී ඇය කියා සිටියේ, “දශක ගණනාවක් පැරණි අපගේ කාර්යාලවලින්, දශක ගණනාවක් පැරණි අමෙරිකානු ශ්‍රී ලංකා ඉතිහාසය ඇසුරුම් කර අපගේ නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලට යාමට පටන් ගන්නවා. එය “සියල්ල අත්වැල් බැඳගන්නා” නව අත්දැකීමක් වේවි. ඉක්මනින් අපගේ නව අවකාශයට ඔබව පිළිගැනීමට සතුටින් බලා සිටිනවා.” යනුවෙන්ය.

Related posts

ලෝක වාර්තාවක් තබා රිදී පදක්කම දිනූ සමිත දුලාන්: මීටර 67.03ක දක්ෂතාවක්

Editor O

ආපදා සහන සඳහා ත්‍රිවිධ හමුදාව හා පොලීසියෙන් උපරිම දායකත්වය

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තුවේ

Mohamed Dilsad

Leave a Comment