විදෙස්

ජපන් අගමැතිට කොරෝනා වැළදෙයි

(UTV |  ජපානය) – ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා ‘කොවිඩ් 19’ ආසාදිතයකු ලෙස හඳුනා ගැනීමෙන් පසු, අග්‍රාමාත්‍යවරයා නිල නිවසේ නිරෝධායනයට ලක් වුණු බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

පසුගිය සතියක කාලයේ අග්‍රාමාත්‍යවරයා නිවාඩුවකට ගොස් සිටියේය.

ඔහු යළි රාජකාරි ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අද (22) දින සිටය.

කෙසේ නමුත්, නිවාඩු ගොස් පැමිණෙද්දී සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් පෙන්නුම් කළ බැවින්, අග්‍රාමාත්‍ය කිෂිඩා ‘කොවිඩ් 19’ පරීක්ෂණයකට යොමු කෙරුණු අතර එහිදී ඔහු ආසාදිතයකු බව තහවුරු විය.

මේ වනවිට ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ ‘බී.ඒ.5’ උප විකෘතිය හේතුවෙන් ජපානයේ යළිත් වරක් ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කර තිබේ.

Related posts

බැග්ඩෑඩ් හි ස්වීඩන් තානාපති කාර්යාලය ගිනි තැබේ

Mohamed Dilsad

මියන්මාර හමුදා පාලකයා අවුන්සාන් සුකීගේ පක්ෂ කාර්යාලයට කඩා වදී

Mohamed Dilsad

පාකිස්තානයද තවත් ශ්‍රී ලංකාවක් වෙන දුර වැඩි ඈතක නෙමෙයි – ඉම්රාන්

Mohamed Dilsad

Leave a Comment