දේශීයව්‍යාපාරික

විවෘත ගිණුම් යටතේ ආනයනය තහනම් වෙයි

(UTV | කොළඹ) – විවෘත ගිණුමක් යටතේ ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙස මහ බැංකුව (CB) මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමය බැංකු අංශය සතුව පවතින බව අවධාරණය කරමින් මෙම තීරණය ගන්නා ලෙස මහ බැංකුව සඳහන් කර තිබේ.‍

“විවෘත ගිණුම් වෙළඳාම තහනම් කිරීමට අපි යෝජනා කර තිබෙනවා. භාණ්ඩාගාරය විසින් අදාළ චක්‍රලේඛය කඩිනමින් නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට අත්‍යාවශ්‍ය ආනයන සඳහා ප්‍රමාණවත් විදේශ විනිමයක බැංකු පද්ධතිය සතුව පවතින බව අපි විශ්වාස කරනවා,” යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

Related posts

කෙඳිරි නොගා බදු අඩු කර ජනතාවට සහන දෙන්න – පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම්

Editor O

විජේවීරයි, ප්‍රභාකරනුයි ලංකාවේ ඉපදුනේ නැත්නම් අද අපි සිංගප්පූරුවට වඩා දියුණු රටක්

Editor O

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 5386ක් දක්වා ඉහලට

Mohamed Dilsad

Leave a Comment