දේශීය

Yuan Wang 5 නෞකාව අද පිටත්වෙයි

(UTV | කොළඹ) – දිවයිනට පැමිණි Yuan Wang -5 චීන පර්යේෂණ නෞකාව යළි අද (22) දිනයේ චීනය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 4.00 ට චීන පර්යේෂණ නෞකාව යළි චීනය බලා පිටත්ව යාමට නියමිත අතර එම නෞකාව පසුගිය 16 වනදා හම්බන්තොට වරාය වෙත පැමිණි අතර එය අද දිනය දක්වා එම වරායේ නැංගුරම්ලා තැබීමට අවසර හිමි වුණා.

නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණෙන බව දැනුම්දීමත් සමඟ ඉන්දියාවෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර පසුව යළිත් අදාළ නෞකාවට හම්බන්තොට වරාය වෙත පැමිණිමට අවසර ලබාදී තිබුණා.

Related posts

තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ

Editor O

වෛද්‍ය වැඩවර්ජනය අවලංගුයි

Mohamed Dilsad

ප්‍රභූ ආරක්ෂාව ගැන විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment