දේශීය

කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” විවෘත වෙයි

(UTV | කොළඹ) – කටුනායක ගුවන් තොටුපොළ නව සේවා පර්යන්තය වන “රන් මාවත” ( Gold Route) විවෘත කර තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ වෙත පිවිසෙන ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන් සඳහා “රන් මාවත” විවෘත වී ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඉහළ ආදායම්ලාභී ගුවන් මගීන්ට ගුවන් තොටුපොළ රාජකාරී සිදු කරගැනීම සඳහා පෝලිම්වල නොසිට මෙම නව පර්යන්තය වෙත පිවිස ආගමන විගමන, රේගු කටයුතු මෙන්ම ආහාරපාන සහ සන්නිවේදන අවශ්‍යතා ද ඉතා කඩිනමින් ඉටු කර ගැනීමේ හැකියාව පවතිනවා.

Related posts

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අධි ඉල්ලුමක්

Editor O

කටුනායක ගුවන්තොටුපොළට නවීන කැමරා පද්ධතියක්

Editor O

අශෝභන ලෙස හැසිරී අත්අඩංගුවට පත් සිසුන් මුදා හරී

Mohamed Dilsad

Leave a Comment