දේශීය

හිටපු ජනපතිට ආරක්ෂාව දෙන්නැයි SLPP ජනපති රනිල්ගෙන් ඉල්ලයි

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සඳහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.

එසේම පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබාදෙන බවද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම් ,රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි,නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

Related posts

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය සිව්වන කණ්ඩායම

Mohamed Dilsad

රට පුරා වෛද්‍යවරුන්ගේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අදත්

Mohamed Dilsad

මෙරටින් නව ආසාදිතයන් 12 දෙනෙකු සොයා ගැනේ [UPDATE]

Mohamed Dilsad

Leave a Comment