දේශීය

හිටපු ජනපතිට ආරක්ෂාව දෙන්නැයි SLPP ජනපති රනිල්ගෙන් ඉල්ලයි

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂිතව යළි දිවයිනට පැමිණිම සඳහා කඩිනමින් අවකාශ සැලසිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසා තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර ඊයේ (18) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මේ බව සඳහන් කර තිබෙනවා.

එසේම පවතින ආර්ථික අර්බුදය විසඳමින් රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාට පූර්ණ සහාය ලබාදෙන බවද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර ඇති බවයි සඳහන් වන්නේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම් ,රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි,නාමල් රාජපක්ෂ සහ සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.

Related posts

23 වෙනිදා සිට සාපෙළ අමතර පංති සහ සම්මන්ත්‍රණ තහනම් [RELEASE]

Mohamed Dilsad

දකුණු බෙංගාල බොක්කට සුළි කුණාටුවක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment