දේශීය

රෝයල් පාර්ක් සිද්ධිය : CIDය මෛත්‍රීගේ ගෙදර යයි

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (18) පැය 3ක පමණ කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගෙන ඇත.

ඒ, රෝයල් පාර්ක් ඝාතන සිදුවීමේ වැරදිකරු වූ ජූඩ් ශ්‍රමන්ත නමැත්තාට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ සිදුවීම ගැන හිටපු ජනාධිපති කළ ප්‍රකාශ සම්බන්ධයෙනි.

ඒ මහතා පදිංචිව සිටින බෞද්ධාලෝක මාවතේ නිවසට ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් මෙම ප්‍රකාශය ලබාගෙන ඇතැයි කියති.

අදාළ ප්‍රකාශය නීතිපතිවරයා වෙත යොමු කරනු ඇතැයි වාර්තා වේ.

රාජගිරිය රෝයල් පාර්ක් සුපිරි නිවාස සංකීර්ණයේ පියගැටපෙළ මතදී 2005 වසරේ ජූනි 30 වන දා 19 හැවිරිදි ඉවෝන් ජොන්සන් නමැති තරුණිය ගෙළ සිර කර හිස පොළොවේ ගසා ඝාතනය කිරීමේ චෝදනාව මත ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉන් පසු කොළඹ මහාධිකරණයේ පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2012 වසරේදී ඔහුට දොළොස් වසරක සිර දඬුවමක් නියම කෙරිණි.

පසුව පැමිණිලිකරුවන් ඉදිරිපත් කළ අභියාචනයෙන් පසු අභියාචනාධිකරණය ඔහුට මරණ දඬුවම ලබා දී ඇත.

පසුව විත්තිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර නැවතත් විත්තිකරුට මරණ දඬුවම ස්ථිර කෙරිණි.

කෙසේ වෙතත්, ජූඩ් ශ්‍රමන්තට 2016 වසරේ ජනාධිපති සමාව හිමි විය.

Related posts

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය කබීර් හෂීම් ට

Editor O

පොළී අනුපාත ගැන තීරණයක්

Mohamed Dilsad

රාජිතගේ අභියාචන පෙත්සම ඉල්ලා අස්කර ගනී

Mohamed Dilsad

Leave a Comment