දේශීය

චීන පර්යේෂණ නෞකාව හම්බන්තොටට පැමිණෙයි

(UTV | කොළඹ) – ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මත මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ‍.

මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හමුවේ චීන නෞකාවේ මෙරට සංචාරය කල් දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 10 වැනිදා චීන බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා.

කෙසේවෙතත් අද දිනයේ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශය නිල අවසරය ලබා දී ඇති අතර ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයාගැනීම සඳහා එම නෞකාව එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතයි.

Related posts

විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වීම ගැන අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

මුහුණු ආවරණ අපනයනය සහ ප්‍රතිඅපනයනයට අවසර

Mohamed Dilsad

මාධ්‍ය ආයතන හැසිරිය යුත්තේ ජවිපෙ පැලවත්ත කාර්යාලයේ නියෝග අනුවද… ? – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රශ්න කරයි.

Editor O

Leave a Comment