දේශීය

චීන පර්යේෂණ නෞකාව හම්බන්තොටට පැමිණෙයි

(UTV | කොළඹ) – ඉන්දියාව සහ චීනය අතර මතභේදයට තුඩුදුන් යුවාන් වෑන්ග් -5 චීන පර්යේෂණ නෞකාව හම්බන්තොට වරාය වෙත පැමිණ තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාදුන් අවසරය මත මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ‍.

මෙම නෞකාව පැමිණීම සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඇතිවූ මතභේදාත්මක තත්ත්වය හමුවේ චීන නෞකාවේ මෙරට සංචාරය කල් දමන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය පසුගිය 10 වැනිදා චීන බලධාරීන්ගෙන් ඉල්ලීමක් සිදුකර තිබුණා.

කෙසේවෙතත් අද දිනයේ නෞකාවට හම්බන්තොට වරායට පැමිණීමට විදේශ කටයුතු අමාත්‍යාංශය නිල අවසරය ලබා දී ඇති අතර ආහාර සහ ඉන්ධන ඇතුළු මූලික පහසුකම් සපයාගැනීම සඳහා එම නෞකාව එළඹෙන 22 වනදා දක්වා හම්බන්තොට වරායේ නැංගුරම් ලා තැබීමට නියමිතයි.

Related posts

ගෑස් සිලින්ඩරයේ ධාරිතාව ලීටර් වෙයි – පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පරීක්ෂණ

Mohamed Dilsad

ඖෂධ හිඟය නැති කිරීමට රජයෙන් සැලසුම්

Mohamed Dilsad

හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට

Editor O

Leave a Comment