දේශීය

විදෙස් ගත ශ්‍රමිකයින් ගෙන්වීම ගැන අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

(UTV |කොළඹ) – මෙම සතිය තුළදී චෙන්නායි, මෙල්බන්, කුවේට්, දෝහා, ටොරන්ටෝ, සයිප්‍රස් සහ ඩුබායි හි සිට ශ්‍රී ලාංකිකයින් 1,400 දෙනෙකු දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා සඳහන් කළේය.

මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් පසුවන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදුවන අතර තවත් ශ්‍රී ලාංකිකයින් 68,000ක පමණ පිරිසක් දිවයිනට පැමිණීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනගතව සිටියි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා රටවල් 137ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 60,470 දෙනෙකු දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

ඉන් වැඩිම පිරිසක් මැදපෙරදිග කලාපයෙන් ගෙන්වාගෙන ඇති අතර විදේශයන්හි පවතින තත්වය, සේවයෙන් ඉවත් කිරිම් ආදී කරුණු හේතුවෙන් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව එම අමාත්‍යාංශ ලේකම්වරයා පවසයි.

 

Related posts

හෙරොයින් ජාවාරමට වරදකරුවෙකු වූ පුද්ගලයෙකුට මරණ දඩුවම

Mohamed Dilsad

මැදපෙරදිග රාජ්‍යන් රැසක් ශ්‍රී ලංකාවට එරෙහිව සිට ගනියි

Mohamed Dilsad

ගතවූ පැය 24 තුළ රිය අනතුරු වලින් 09 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment