දේශීය

ධානිෂ් අලීට ඇප

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ධානිෂ් අලී ඇප මත මුදාහැර තිබේ.

ඒ, සැකකරු අද (15) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවට ඉදිරිපත් කර අවස්ථාවේදී ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙස ය.

සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති යැයි තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව එම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

ඇප මත නිදහස් වීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කර තිබේ.

Related posts

දරුවන් වෙනුවෙන් සැකසූ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංයුක්ත තැටිය පාසල්වලට

Mohamed Dilsad

කොටුව මහෙස්ත්‍රාත්ගේ නියෝගය ට, අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

Editor O

LTTE අවි ගබඩාවක් කිලිනොච්චියෙන් සොයා ගනී

Mohamed Dilsad

Leave a Comment