දේශීය

ධානිෂ් අලීට ඇප

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ධානිෂ් අලී ඇප මත මුදාහැර තිබේ.

ඒ, සැකකරු අද (15) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ හමුවට ඉදිරිපත් කර අවස්ථාවේදී ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, රුපියල් 25,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලෙස ය.

සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැති යැයි තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව එම නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.

ඇප මත නිදහස් වීමෙන් පසුව කුරුඳුවත්ත පොලිසියට ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා සැකකරුට නියෝග කර තිබේ.

Related posts

වේගයෙන් යෑම අනිවාර්යයි! | අධිවේගයට නීතියක්..

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

විදුලිබිල ගෙවීම සඳහා ලබාදී තිබුණු සහන කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment