දේශීය

පාකිස්ථාන යුද්ධ නෞකාවක් කොළඹට

(UTV | කොළඹ) – පාකිස්ථාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද්ධ නෞකාව නිල සංචාරයක් සඳහා අද (12) උදෑසන කොළඹ වරායට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

ඒ අනුව, නාවික හමුදාව විසින් එම නෞකාව හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට කටයුතු කරනු ලැබ තිබේ.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘PNS TAIMUR’ නෞකාව දිගින් මීටර් 134 හා 169ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර, එහි අණ දෙන නිලධාරී ලෙස කපිතාන් එම්. යසීර් තාහීර් (M Yasir Tahir TI (M)) කටයුතු කරනු ලබ යි.

නාවික හමුදාව සඳහන් කළේ, ‘PNS TAIMUR’ නෞකාවේ අණ දෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් අද බටහිර නාවික විධාන මූලස්ථානයේදී සිදු වීමට නියමිතව ඇති බව ය.

එමෙන් ම, අදාළ නෞකාව අගෝ. 15 දක්වා දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුළ එහි කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීමට සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමට නියමිත ය.

‘PNS TAIMUR’ නෞකාව දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමග බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදු කිරීමට නියමිතව ඇතැයි ද නාවික හමුදාව වැඩිදුරට ත් පැවසීය.

Related posts

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව ගැන අවධානයෙන් පසුවන ලෙස උපදෙස්

Editor O

කෝටිපතියන් රැවටූ තිළිණි ප්‍රියමාලි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

අද රටම උණුසුම් වෙයි

Mohamed Dilsad

Leave a Comment