දේශීය

ජනපති රනිල් බොරු කියනවා

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව තුළින් ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනිම වෙනුවෙන් පැවැති ඡන්ද විමසීමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ට ඡන්දය ප්‍රකාශ කළ බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය අසත්‍යයක් බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. සුමන්තිරන් මහතා පවසයි.

“ජනපති කියන්නේ බොරු! ද්‍රවිඩ ජාතික සන්ධානය ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය ප්‍රකාශ කිරිමට තීරණය කළේ ඒකමතිකවයි. අපේ කිසිවෙක් හෝ රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දිය යුතු යැයි ප්‍රකාශ කළේ නෑ” යැයි ඔහු සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

“අපි මේ කාරණය සහ තවත් එවැනිම උත්සාහයන් කිහිපයක් පිළිබඳව ජනාධිපතිතුමා හමුවූ විට ප්‍රකාශ කළා. මෙය නතර කරන ලෙස ඉල්ලා සිටියා. ඔහු එකඟ වුණා. ඔහු තම වචනය රකියිද යන්න සොයා බැලිය යුතුය” යැයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

වී තොග සඟවා ගෙන සිටින මෝල් හිමියන්ට එරෙහිව නීතිමයෙන් පියවර

Mohamed Dilsad

අනුර දිසානායක ඉන්දියාව සමග අත්සන් කළ ආරක්ෂක ගිවිසුම හංගලා – පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර

Editor O

බස් ප්‍රමුඛතා මංතීරු තෙවන අදියර අදින් ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment