දේශීය

කිරි පිටි හිඟය මේ මස අවසානය වන තෙක්

(UTV | කොළඹ) – වෙළඳපොල තුළ පවතින ආනයනික කිරි පිටි හිඟය මේ මස අවසානය වන තෙක් පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා සිටියේ, ඩොලර් හිඟය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි.

කෙසේ වෙතත්, මේ මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල කිරිපිටි රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බව ඔහු සඳහන් කළා.

පසුගිය මස 31 වැනිදා සිට ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගත්තා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගැනුණා.

මේ වනවිට ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1,345කට අලෙවි වන අතර, කිරිපිටි ග්‍රෑම් 400ක පැකට්ටුවක් අලෙවි වන්නේ රුපියල් 540කට යි.

Related posts

කාබනික පොහොර එවූ චීන සමාගම වන්දියක් ඉල්ලයි

Mohamed Dilsad

හරිනිගේ සහ පෝල්රාජ්ගේ අදහස් දැක්වීම් ඉතා දුර්වල සහ වගකීම් විරහිතයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Editor O

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment