දේශීය

කාබනික පොහොර එවූ චීන සමාගම වන්දියක් ඉල්ලයි

(UTV | කොළඹ) – මතභේදයට තුඩු දී ඇති කාබනික පොහොර සැපයීමට කොන්ත්‍රාත්තුව හිමිකර ගත් චීන සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා එන්තර වාසියක් යවා තිබේ.

ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂවරයා වෙත එම වන්දි ඉල්ලීමේ ලිපිය යවා ඇති බව වාර්තා වේ.

තමන්ට සිදු වූ අපකීර්තිය වෙනුවෙන් එම සමාගම ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇති බව සඳහන් විය.

මේ අතර අහිතකර බැක්ටීරියා අඩංගු බවට තහවුරුවීම නිසා ප්‍රතික්ෂේප කෙරුණු චීන කාබනික පොහොර තොගය රැගත් “HIPPO SPIRIT” නැමති නෞකාව මේ වනවිට කළුතර – බේරුවල මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති බව වාර්තා වෙයි.

Related posts

රාජසභා මණ්ඩපය ඩෝසර් කිරීමේ සිද්ධියට අධිචෝදනා ගොනු කෙරේ

Mohamed Dilsad

ඉන්ධන බවුසර් හිමියන්ගේ වැඩ වර්ජනයක්

Mohamed Dilsad

ඇමති හර්ෂණගේ නමට ”ආචාර්යය” ඒකතු වුණ විදිය ජනාධිපතිට දුන් වාර්තාවෙන් හෙළිවේ.

Editor O

Leave a Comment