දේශීය

අභ්‍යන්තර කටයුතුවලට අත පොවන රටවලින් ජනපති කළ ඉල්ලීම

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට සහ එක් චීනයක් යන ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව සැමවිටම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ චීන තානාපති චී ෂෙන්ග්හොං (Qi Zhenhong) අතර පැවති පැවති හමුවකදීයි.

මේ බව සදහන් කරමින් ජනාධිපතිවරයා විසින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටවල් අතර මේ වනවිට පවතින උණුසුම් තත්ත්වයන් වර්ධනය වීමට හේතුවන පියවර නොගෙන සිටීමට එකිනෙක රටවල් වගබලා ගතයුතු බවයි.

එමෙන්ම රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමට මෙන්ම අන්‍යෝන්‍ය ගෞරවයද රැකෙන පරිදි කටයුතු කිරීමටද කැපවිය යුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කර තිබේ.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සමක් නොවැම්බර් 04 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

Editor O

කුලියාපිටියේ ප්‍රදේශ කීපයක් වැසෙයි

Mohamed Dilsad

අරගලකරුවන් පිරිසක් ආරක්ෂක අංශ භාරයට

Mohamed Dilsad

Leave a Comment