දේශීය

මාර්ග අංක 120 බස් වර්ජනයක

(UTV | කොළඹ) – මාර්ග අංක 120 කැස්බෑව – පිටකොටුව පෞද්ගලික බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

කිව් ආර් ක්‍රමවේදය ඔස්සේ බස්රථයකට ලබා දෙන ඩීසල් ඉන්ධන ලීටර් හතලිහ සතියකට තබා දිනකට වත් ප්‍රමාණවත් නොවන බව පවසමින් ඔවුන් මෙම වර්ජනයේ නිරත වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

තමන්ට ගමන් වාර තුනක් පිටකොටුවට යාමට සහ නැවත පැමිණීමට දිනකට ඩීසල් ලීටර 60 ක් පමණ වැයවන බව ඔවුන් සඳහන් කරයි.

තමන්ට ලබා දෙන ඉන්ධන කෝටාව අවම වශයෙන් ලීටර් සීයක් දක්වා වැඩි කරන ලෙසත් එය දින 2 කට පමණක් ප්‍රමාණවත් වන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් කරන මගීන් දැඩි අපහසුවට පත්ව ඇති බව වාර්තා වේ.

Related posts

යාපනය වෛද්‍ය පීඨ රසායනාගාරයේ පරීක්ෂණ කටයුතු ඉතා සාර්ථකයි

Mohamed Dilsad

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

මෙරට මුළු ආසාදිතයින් 1801 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment