දේශීය

ළඟදීම විපක්ෂයේ නව පෙරමුණක්

(UTV | කොළඹ) – ඩලස් අලහප්පෙරුම විමල් වීරවංශ යන මහත්වරුන් පෙරටු කරගෙන විපක්ෂයේ නව පෙරමුණක් ළඟදීම පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

මේ ආණ්ඩුව සමග ගමනක් නැතැයිද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුවේ ඇතැම් තනතුරු සඳහා විපක්ෂයේ ඇතැමුන් ට ආරාධනා කර ඇතත් තම පක්ෂවලට එසේ ආරාධනා ලැබී නැති බවද ඔහු කීවේය .

ලැබුණත් ආණ්ඩුවේ තනතුරු බාර නොගන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීමට සහභාගී වන්නැයි කාන්තාවක් දුරකතන ඇමතුමක් ලබාදුන් බව පැවසූ වාසුදේව නානායක්කාර මහතා තමා විපක්ෂයේ සිටින හෙයින් ඒ රැස්වීමට සහභාගී නොවන බවද කීවේය.

Related posts

මෙරට PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 2 ඉක්මවයි

Mohamed Dilsad

අතුරලියේ රතන හිමියෝ සැඟවිලා..?

Editor O

වැට් බදු ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

Leave a Comment