දේශීය

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

(UTV | කොළඹ) – ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, මධ්‍යම, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75වැඩි තරමක් තද වැසි ද ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

අගමැති සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

පෞද්ගලික බස් සංගම් ධාවනයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment