දේශීය

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

(UTV | කොළඹ) – ඉදිරි දින කිහිපය තුළ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, මධ්‍යම, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75වැඩි තරමක් තද වැසි ද ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related posts

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට, පෙර පැවති ආණ්ඩු විවේචනය කරමින්, වත්මන් ආණ්ඩුව කාලය ගත කිරීම ගැන කණගාටුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්

Editor O

මානව හිමිකම් මහ කොමසාරිස්ගේ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරයි

Mohamed Dilsad

වැරදුණු ප්‍රේමය

Mohamed Dilsad

Leave a Comment