දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයේ තීරණය අද

(UTV | කොළඹ) – ජනපති තේරීමේ සටනදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහාය පළ කරන්නේ කුමන අපේක්ෂකයෙකුට ද යන්න අද (18) නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් මීට පෙර ඔවුන් සඳහන් කළේ සමගි ජනබලවේගයේ තීරණය සමඟ තමන් එකඟ වන බවයි.

එමෙන්ම දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ද අප වෙත දුන්  සාකච්ඡාවේ කියා සිටියේ සමගි ජනබලවේගය ගන්නා තීරණය සමඟ ඔවුන් එක්වන බවයි.

ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමට අදාළ නාමයෝජනා කැඳවීම හෙට (19) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත අතර, අනිද්දා (20) ඊට අදාළ ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති.

Related posts

කොරෝනා නිසා ඉතාලියේ සියලු පාසැල් වසා දැමේ

Mohamed Dilsad

ලුණු කිලෝවකින් රුපියල් 100ක් යන්නේ පැළවත්තේ පක්ෂ අරමුදල ට ද…?

Editor O

කොරෝනා ආසාදිත තවත් නාවික පිරිසක් – සමස්තය යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment