දේශීය

හිටපු ජනපති යළි දිවයිනට එන්න සූදානම්

(UTV | කොළඹ) – හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මාසයේ දී යළි දිවයිනට පැමිණීමට සූදානම් වෙයි.

සිංගප්පූරුවේ දැනට රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉදිරි දිනවලදී සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය. මේ මස අවසානය දක්වා එහි රැඳී සිටින හිටපු ජනාධිපතිවරයා ඉන් පසු දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබේ. ඇමරිකාවට යාමේ සැලසුමද ඔහු අත්හැර දමා ඇත. ඒ පුත්‍රයාගේ ආරක්ෂාව වෙනුවෙනි.

හිටපු ජනාධිපතිවරයා ලබන මස යළි දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්ද මන්ත්‍රිවරු පිරිසකට දැනුම් දී තිබුණි.

Related posts

උසස් පෙළ ප්‍රතිඵල අද නිකුත් කෙරේ

Mohamed Dilsad

සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

වාහනයට මත්ද්‍රව්‍යයක් දැමූවේ යැයි කියූ කොල්ලුපිටිය පොලීසියේ කොස්තාපල්ගේ වැඩ තහනම්

Editor O

Leave a Comment