දේශීය

ආරක්ෂිත හිස් වැසුම් දාන්නැයි පාපැදිකරුවන්ට උපදෙස්

(UTV | කොළඹ) – පාපැදිකරුවන් ආරක්ෂිත හිස් වැසුමක් භාවිත කිරීම වඩා යෝග්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය දැනුම් දෙනවා.

රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර කොට්ඨාසයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව සදහන් කළේ.

රාත්‍රී කාලයේදී පාපැදි භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන්ද ඔහු පැහැදිලි කළා.

මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතාද එක්වුනා.

පාපැදි භාවිතය ජනතාව අතර තවදුරටත් ප්‍රචලිත කිරීමේ අරමුණින් ලබන ජූලි දෙවැනිදා පාපැදි රෑලියක් පවත්වන බවයි ඔහු අවධාරණය කළේ.

Related posts

ක්‍රිකට් හෙට කෝප් යයි

Mohamed Dilsad

ෂැංහයි සමුළුව ට, ජනාධිපති නොගියේ වැඩ වැඩි නිසයි.

Editor O

නවම් පුර පසළොස්වක පොහොය අදයි

Mohamed Dilsad

Leave a Comment