දේශීය

දුම්රිය නවතින ලකුණු

(UTV | කොළඹ) – ඉන්ධන නොමැතිවීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ට සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට සේවා ස්ථාන වෙත පැමිණීමේ ගැටලුවක් ඇතිවීම නිසා ඉදිරියේ දුම්රිය ධාවනය ද අඩාල වීමට බොහෝ දුරට ඉඩ ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා නිවේදනය කරයි.

ඇතැම් රාජ්‍ය සේවකයන්ට ඉන්ධන ලබාදීමට පහසුකම් සලසා තිබුණ ද සියලුම පාර්ශවයන්ගේ අත්‍යාවශ්‍ය සේවාවක් වන දුම්රිය සම්බන්ධයෙන් අවධානය යොමු නොකිරීම පිළිබඳව කණගාටු වන බවත් පොදු ප්‍රවාහනයේ වැඩි කොටසක් ආවරණය කරන දුම්රිය සේවකයන් සම්බන්ධයෙන් මීට වඩා සොයා බලා කටයුතු නොකරන්නේ නම් දුම්රිය ධාවනය ඉදිරියේ අතරමග නතර වනු ඇති බවත් කසුන් චාමර මහතා කීය.

‘කොවිඩ්’ සමයේ පැවති පරිදි සතියට වරක් සේවා ස්ථානය සඳහා කැදවීම හරහා මෙම ඉන්ධන අර්බුදය හමුවේ අප සේවකයන් වෙත සහනයක් ලබා දෙන ලෙස ද ප්‍රවාහන අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

Related posts

උපකාරක පන්ති ආරම්භ කිරීමට අද සිට අවසර

Mohamed Dilsad

ඩයනා ගමගේට වරෙන්තු

Editor O

කේෂ්ත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා කර අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment