දේශීය

ඉන්ධන පිරවුම්හල්වල ඇතිවන ගැටුම් වීඩියෝ කරන්නැයි පොලිසියට උපදෙස්

(UTV | කොළඹ) – ඉන්ධන පිරවුම්හල්වල ඇතිවන ගැටුම් වීඩියෝගත කරන ලෙස අදාළ පිරවුම් හල් වෙත ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ බව පැවසීය.

එමෙන් ම, එම ගැටුම් පාලනය කරගත නොහැකි අවස්ථාවලදී ඉහළ පොලිස් නිලධාරීන් අමතා අමතර නිලධාරීන්ගේ සහය ලබා ගන්නා ලෙස ද ඔවුන් වෙත උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව එම ස්ථානවල ගැටුම් ඇති කරන පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට එම දර්ශන යොදා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් පැවසීය.

Related posts

නේපාලය ”ටෙලිග්‍රෑම්” යෙදුම තහනම් කරයි

Editor O

වෙනිසියුලා ජනාධිපති සහ බිරිඳ ඇමෙරිකා රැඳවුම් මධ්‍යස්ථානයකට

Editor O

මොනරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය

Mohamed Dilsad

Leave a Comment