කලා

සම්මානනීය ගායකයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

(UTV |  පන්ජාබ් ප්‍රාන්ත) – ජනප්‍රිය ගායකයෙකු සහ විපක්ෂ දේශපාලනඥයෙකු වන 28 හැවිරිදි සිධූ මූස්වාලා වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ පන්ජාබ් ප්‍රාන්තයේ මැන්සා දිස්ත්‍රික්කයේදි මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිධූ මූස්වාලා සමග පැවති දේශපාලන එදිරිවාදිකමක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට ඉන්දීය පොලීසිය සැක පළ කරයි.

කැනඩාවේ ලෝරන්ස් බිෂ්නෝයි නම් අපරාධ කල්ලියේ සාමාජිකයෙකු විසින් මෙම ඝාතනයේ වගකීම භාරගෙන ඇත.

පසුගිය පෙබරවාරි මාසයේ පන්ජාබ් ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත්වීමෙන් පසු එල්ල වූ ජීවිත තර්ජන හේතුවෙන් මූස්වාලා විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගත්තද, පසුව ඔහුගේ ආරක්ෂාව අඩු කිරීමට ප්‍රාන් රජය පසුගියදා පියවර ගෙන තිබුණි.

Related posts

ප්‍රභාස්ගේ මීළඟ පෙම්වතිය වෙන්න දීපිකා කැමැත්තෙන්

Mohamed Dilsad

රජීව් කපූර් ජීවන ගමනට සමුදෙයි

Mohamed Dilsad

හිතාගන්න බැරි ප්‍රභාස්ගේ වැටුප

Mohamed Dilsad

Leave a Comment