දේශීය

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

(UTV | කොළඹ) – ඉන්ධන හිඟය හේතුවෙන් ප්‍රවාහනයට බාධා ඇතත් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනවලදී අවහිරතාවයකින් තොරව සිසුන්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩි ධර්මසේන පවසයි.

කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ(18) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරු දෙගුරුන් දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

ඒ සඳහා සිසු සැරිය හා අතිරේක බස් යෙදවීමට ලංකා ගමන ගමන මණ්ඩලය තීරණය කර ඇත.

මේ අතර මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අමතර බස් රථ යොදවන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසීය.

විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන දරුවන් වෙනුවෙන් සිසු සැරිය බස්රථ මෙන්ම තවත් අතිරේක බස් රථ යොදවන බව ඔහු සඳහන් කළේය.

විභාග කාර්ය මණ්ඩල හා විභාග මධ්‍යස්ථාන කටයුතුවල නිරත වාහන වෙනුවෙන් ලං.ග.ම සතු ඉන්ධන ලබාදෙන ලෙස උපදෙස් දී ඇතැයි ද සභාපතිවරයා පැවසීය.

මේ අතර නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී වී.එස් පොල්වත්තගේ පැවසුවේ සාමාන්‍ය දුම්රිය කාලසටහනේ ඇති පාසල් දරුවන් වෙනුවෙන් ධාවනය කරන දුම්රිය ගමන් වාර විභාගය පැවැත්වෙන කාලයේදී අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

විභාගයට කල්වේලා ඇතිව යාමට ඇති අවසන් දුම්රියෙන් නොව ඊට පෙර තිබෙන දුම්රියෙන් විභාග මධ්‍යස්ථානයට යන ලෙස සිසුන්ට දැනුම් දෙන බවත්, දුම්රිය ප්‍රමාදයක් වුවහොත් සීඝ්‍රගාමී දුම්රිය දරුවන් වැඩි දුම්රිය ස්ථානවල නැවැත්වීමට උපදෙස් දී ඇතැයි ද නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාවරයා පැවසීය.

Related posts

“එක රටක් එක නීතියක්” තවත් මාස 03 කට

Mohamed Dilsad

පහළ කඩුගන්නාව ප්‍රධාන මාර්ගයේ මංතීරුවක් විවෘත කරයි….

Editor O

මී උණ ව්‍යාප්තයේ අවධානම පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශයෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment