දේශීය

අද ගෑස් පෝලිම්වලට එන්න එපා

(UTV | කොළඹ) – බෙදාහැරීමේ ප්‍රමාදයක් ඇති බැවින් අද දිනයේ ගෑස් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවට දැනුම් දෙනවා.

සමාගමේ සභාපති විජිත හේරත් මහතා පවසන්නේ අයහපත් කාලගුණය හේතුවෙන් නෞකාවෙන් ගෑස් ගොඩබෑමට බාධා මතුව ඇති බවයි.

එය යථා තත්වයට පත්කිරීමට තවත් දින 03 ක කාලයක් ගතවනු ඇති බවද ඔහු සඳහන් කලා.

මීට පෙර ලිට්‍රෝ සමාගම දැනුම් දුන්නේ, ඩොලර් මිලියන 07 ක මුදලක් ගෙවන ලද ගෑස් මෙට්‍රික් ටොන් 2800 ක් රැගත් නෞකාවේ ගෑස් ගොඩබෑම ඊයේ දිනයේ ආරම්භ කළ බවයි.

ඒ අනුව අද සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 80,000 ක් බෙදාහැරීමට සැලසුම් කර තිබූ බවද ලිට්‍රෝ සමාගම කියා සිටියා.

Related posts

බිත්තර මිල පහළට

Mohamed Dilsad

ග්‍රීක බැඳුම්කර නඩුවෙන්, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු සිව්දෙනා නිදොස් කොට නිදහස් කරයි…

Editor O

ඉදිරි පැය 24 දී චණ්ඩ සුළි කුණාටුවක්

Mohamed Dilsad

Leave a Comment