දේශීය

පාර්ලිමේන්තුවේ සංස්කෘතිය වෙනස් කරමු – නව අගමැති කියයි

(UTV | කොළඹ) – “පාර්ලිමේන්තුවේ සංස්කෘතිය වෙනස් කරමු. ඒ සඳහා පාර්ලිමේන්තුවේ ජාතික සභාව ඇති කරමු” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අග්‍රාමාත්‍යවරයා අද (17) පාර්ලිමේන්තුවේ දී මේ බව අවධාරණය කළේ ය.

“මේ සංස්කෘතිය එක්ක ඉදිරියට යන්න බෑ. මේක ප්‍රථමව හදාගමු. අපි අතර කතා කරමු. රටේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එන සතියේ ආර්ථිකය ගැන කතා කරනවා. දෙපැත්තටම කියනවා, මේ සංස්කෘතිය වෙනස් කරන්න. මෙහෙම සතියක් ගියොත් අපිට එන්න පාර්ලිමේන්තුවක් නැති වෙනවා” යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Related posts

උපන්දින සාදයට ගිනි තැබූ සැකකරුවන් 5ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර

Editor O

Leave a Comment