දේශීය

හිටපු අගමැති මහින්දව අත්අඩංගුවට ගන්න – නීතිඥවරුන්ගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – “මයිනාගෝගම” සහ “ගෝඨාගෝගම” යන අරගලවලට ඊයේ (09) දින එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කරන ලෙස නීතිඥවරු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා එම ඉල්ලීම ඉදිරිපත් කළේය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ වන්නිනායක මහතා ඊයේ දින ප්‍රහාරය සිදුවන්නට ඉඩ දී පොලීසිය බලා සිටි බව චෝදනා කළේය.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා එම ප්‍රහාරය සැලසුම් කළ බව චෝදනා කළ නීතිඥ වන්නිනායක මහතා ආරක්ෂක ලේකම්, පොලිස්පති, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් එම ප්‍රහාරයට ආධාර අනුබල දුන් බව සඳහන් කළේය.

එබැවින් මෙම පිරිසට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ද නීතිඥ වන්නිනායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Related posts

දෙවන පාසල් වාරය හෙට ආරම්භ වේ

Mohamed Dilsad

රක්ෂණ ඔප්පු හිමියන්ට සහන කාලයක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ ඉන්දියානු මහකොමසාරිස් අතර හමුවක්

Editor O

Leave a Comment