දේශීය

ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිට පළඳවයි

(UTV | කොළඹ) –  රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පැළඳවීම අද (06දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු කෙරිණි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) විසින් ප්‍රථම රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබීය.

දශක 03කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදය නිමාකර, නිදහස් නිවහල් දේශයක් වෙනුවෙන් කැප වූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ.

Related posts

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

පී.සී.ආර් පරික්ෂණය ස්ථාන 12 කින් සිදු කෙරේ

Mohamed Dilsad

PUCSL ඉල්ලීමට එකඟත්වය

Mohamed Dilsad

Leave a Comment