දේශීය

හර්තාලයට තැපෑල ත් සහය

(UTV | කොළඹ) – හෙට (මැයි 6) දින සිට ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරයට තම දෙපාර්තමේන්තුවේ සියලුම මාණ්ඩලික හා විධායක නිලධාරින් සහය ලබා දීමට කටයුතු කරන බව තැපැල් සේවා මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ ඒ අනුව, අද (මැයි 5) මධ්‍යම රාත්‍රියේ සිට හෙට මධ්‍යම රාත්‍රිය දක්වා එක් දින වැඩවර්ජනයක් දියත් කරන බව ය.

රට තුළ උද්ගත වී ඇති බරපතළ අර්බුදකාරි තත්ත්වය නිවැරදි කිරීම වෙනුවට සියලු දේශපාලන පක්ෂ දේශපාලන උප්පරවැට්ටි යොදමින් තම බලය රැක ගැනීමේ අරගලයක නිරත වන බවඑම සංගමය වැඩිදුරටත් සිය නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

Related posts

කොවිඩ් මරණ ඉහළ යයි

Mohamed Dilsad

බස් ධාවනය නැවතත් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

GST පණත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ව්‍යවස්ථාවට පටහැණියි

Mohamed Dilsad

Leave a Comment