දේශීය

ආර්ථික අර්බුදය විසඳන්න මුදල් ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්

(UTV | කොළඹ) – රටේ පවතින දැඩි ආර්ථික අර්බුදය පිළිබඳ සලකා රාජ්‍ය වියදම් පාලනය කිරීමට මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

එමෙන්ම, චක්‍රලේඛ මගින් එම උපදෙස් ඒ ඒ ආයතනවලට දැනුම් දී ඇති අතර ඒ අනුව රාජ්‍ය නොවන ආයතනවල ඉන්ධන හා සන්නිවේදන දීමනා ගෙවීම පාලනය, ජල හා විදුලි බිල වියදම් සීමා කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම හා කුලියට ගැනීම, නැවැත්වීම, දේශීය අරමුදල් හරහා සිදු කරන විදේශ අධ්‍යාපන චාරිකා හා පුහුණු නැවැත්වීම අමාත්‍ය මණ්ඩල අනුදැනුමකින් තොරව අමාත්‍යංශ හා ආයතන මට්ටමින් සිදු කරනු ලබන විවිධ වියදම් ගෙවීම අත්හිටුවීම, විවිධ සුබසාධන සහනාධාර හා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් නව බැඳීම් ඇතිකර නොගැනීම ඇතුළු කාරණා මීට අදාළ වේ.

රජයේ සියලුම අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යංශ, දෙපාර්තමේන්තු හා ආයතන වෙත එම විධිවිධාන අනුගමනය කරන ලෙස සියලු ගණන් දීමේ නිලධාරීන්ට උපදෙස් දෙන ලෙස තමා භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම් දුන් බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව, රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකි පරිදි වියදම් දැඩිව පාලනය කිරීම සිදුකළ යුතු බව අලි සබ්‍රි අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

Related posts

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාම ලේඛනය මෙන්න

Editor O

අමාත්‍යවරයෙකුට මරණ තර්ජන අයෙක් අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment