දේශීය

අගමැති ධූරයේ වෙනසක් ගැන බැසිල් කියන කතාව

(UTV | කොළඹ) – මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම පිළිබඳව සලකා බලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ එම ධුරයෙන් ඉවත්වීමේ තීරණයක් ගැනීමට ඉඩ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සඳහන් කර තිබෙනවා.

ඒ අනුව එසේ සිදුවුවහොත් නව ආණ්ඩුවේ අගමැතිවරයා කවුදැයි පක්ෂ නායක කමිටුවකින් නාම යෝජනා විමසන්නේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහින්ද රාජපක්ෂ හැර වෙනත් කෙනෙකුගේ නමක් යෝජනා නොකරන බවද බැසිල් රාජපක්ෂ එහිදී සඳහන් කර තිබෙනවා.

ඊයේ (02) ස්වාධීන මන්ත්‍රීවරුන් සමඟ පැවති හමුවේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මෙම අදහස් පළ කර ඇති බවයි සඳහන් වන්නේ.

Related posts

අයහපත් කාලගුණයෙන් කොටුවී සිටින ජනතාව මුදා ගැනීමට ඉන්දියානු හෙළිකොප්ටර් යානා

Editor O

මෙරටදී වසර 06ක් දුක්වින්ඳ විදේශිකයින් 30 දෙනාට නිදහස

Mohamed Dilsad

තියුණු ආයුධවලින් පහරදී තරුණයෙකු ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment