දේශීය

තෙල් බෙදීම නිරීක්ෂණයට යුද හමුදාව

(UTV | කොළඹ) – ඉන්ධන බෙදාහැරීමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදා නිලධාරින් රට පුරා යෙදවූ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

ප්‍රධාන ඉන්ධන මධ්‍යස්ථානවල සිට පිටත් වන ඉන්ධන බවුසර් ඉන්ධන පිරවුම්හල් වෙත නියම ආකාරයට පැමිණෙන්නේ දැයි සොයා බැලීම සඳහා මෙම නිරීක්ෂණ වැඩපිළිවෙළ ආරම්භ කළ බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

යුද හමුදාව මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ උපදෙස් අනුවය.

සෑම ඉන්ධන බවුසරයක්ම ප්‍රධාන ඉන්ධන ගබඩාවලින් පිටත්වූ වහාම අදාල ප්‍රදේශයන්හි යුද හමුදා ආඥාපතිවරයාට දැනුම් දෙනු ලැබේ. ඒ අනුව ආඥාපතිවරයා විසින් නිරීක්ෂණ කටයුතු සඳහා හමුදා නිලධාරීහු කණ්ඩායම් අදාල ප්‍රදේශ වලට හෝ මාර්ගවලට යෙදවෙති.

කොලොන්නාව, මුතුරාජවෙල ප්‍රධාන ඉන්ධන ගබඩා සංකීර්ණවලට අමතරව ඉන්ධන බෙදාහැරීමේ ඩිපෝ 12ක් රටපුරා ක්‍රියාත්මක වේ.

මේ අතර ඉන්ධන බෙදාහරින දුම්රියවල ආරක්ෂාව සඳහා යුද හමුදා සහ ගුවන් හමුදා නිලධාරීන් යොදවා ඇතැයි ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

සිරකරුවෙකු මියයාමේ සිද්ධිය : තිදෙනෙකුගේ වැඩ තහනම්

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ දී රාජ්‍ය බලය අවභාවිතා කිරීමේ සිදුවීම් රැසක් – පැෆරල්

Editor O

රටපුරා ඖෂධ බෙදාහැරීම සාර්ථකයි

Mohamed Dilsad

Leave a Comment