දේශීය

රටපුරා ඖෂධ බෙදාහැරීම සාර්ථකයි

(UTV |කොළඹ ) – දිවයින පුරා ඖෂධ නිවෙස් වෙත බෙදාහැරීමේ දීපව්‍යාප්ත වැඩසටහන සාර්ථක බව  රජය පවසයි.

ඊයේ වන විට ඖෂධ පාර්සල් 11,000කට අධික සංඛ්‍යාවක් බෙදා අවසන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

රට තුළ ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවේ ජනතාවගේ ඖෂධ අවශ්‍යතාව සපුරාලීම සඳහා ඖෂධ නිවෙස් වෙත බෙදාහැරීමේ වැඩසටහන රජය විසින් ආරම්භ කර තිබේ.

ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මේ වන විට ඖෂධ පාර්සල් 11,765ක් බෙදාහැරීමට හැකි වු බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙන ඉදිරි කාලය තුළත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සූදානම් බව රජය පවසයි.

Related posts

නිරෝධායන නීති කඩකළ තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන 103 කට නඩු

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට වසර 06ක් සම්පූර්ණවීමට පෙර සාධාරණයක් ඉල්ලයි.

Editor O

වැඩබලන විගණකාධිපතිට සේවා දිගුවක්

Editor O

Leave a Comment