දේශීය

රටපුරා ඖෂධ බෙදාහැරීම සාර්ථකයි

(UTV |කොළඹ ) – දිවයින පුරා ඖෂධ නිවෙස් වෙත බෙදාහැරීමේ දීපව්‍යාප්ත වැඩසටහන සාර්ථක බව  රජය පවසයි.

ඊයේ වන විට ඖෂධ පාර්සල් 11,000කට අධික සංඛ්‍යාවක් බෙදා අවසන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

රට තුළ ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවේ ජනතාවගේ ඖෂධ අවශ්‍යතාව සපුරාලීම සඳහා ඖෂධ නිවෙස් වෙත බෙදාහැරීමේ වැඩසටහන රජය විසින් ආරම්භ කර තිබේ.

ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මේ වන විට ඖෂධ පාර්සල් 11,765ක් බෙදාහැරීමට හැකි වු බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙන ඉදිරි කාලය තුළත් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සූදානම් බව රජය පවසයි.

Related posts

නිදහස් වෙළඳ කලාප සේවකයින්ට ජූලි මාසයේ සිට කොවිඩ්-එන්නත

Mohamed Dilsad

පොලිස් නිලධාරියෙකුට තියුණු ආයුධයකින් පහරදී පලාගිය වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්පෝට් එක අද සිට ගෙදරටම එන හැටි

Mohamed Dilsad

Leave a Comment