දේශීයව්‍යාපාරික

ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 128 ක්

(UTV | කොළඹ) – කොරෝනා මර්දනය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 128.6 ක ණය මුදලක් පිරිනැමීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.

එම මුදල් ආසාධිතයන් හඳුනාගැනීම, රසායනාගාර කටයුතු වැනිදෑ වෙනුවෙන් වෙන් කෙරෙනු ඇති.

මෙමගින් සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම ප්‍රතිලාභ අත්වන බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

පවතින තත්වය පාලනයට ශ්‍රී ලංකා බළධාරීන් සමග තවදුරටත් සහයෝගයෙන් කටයුතු කරන බවද ලෝක බැංකුව ප්‍රකාශ කලා.

ලෝක බැංකුවෙන් හිමිවන ණය අයි ඩී එච් රෝහල වැනි ස්ථානවල පහසුකම් වැඩිදියුණු කිරීමටත් බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ රසායනාගාර පහසුකම් ඉහළ නැංවීමටත් අපේක්ෂා කරන බව සඳහන්.

Related posts

පාඨලීට එරෙහිව අධිචෝදනා ගොනුකරයි

Mohamed Dilsad

තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත මාරු කිරීමේ සේවාවට නීතිමය අනුමැතිය

Mohamed Dilsad

පාදෙණිය රජමහා විහාරයේ පැවැත්වීමට සූදානම් කර තිබූ අන්‍යාගමික වැඩසටහනක් වහාම නතර කරන ලෙස මල්වතු මහානායක ස්වාමීන්වහන්සේගෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment