දේශීය

ෆවුසි නිදොස් කොට නිදහස්

(UTV | කොළඹ) – අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල සමයේ රජයේ වාහනයක් අවභාවිත කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 10 ක මුදලක් අවභාවිත කල බවට වන නඩුවෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ඒ එච් එම් ෆවුසි මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

නිදහස් සන්ධාන රජය සමයේ පුනුරුත්ථාපන අමාත්‍යංශයට නෙදර්ලන්ත රජයෙන් ලද වාහනයක් මෙලෙස අවභාවිත කල බවටයි ඔහුට එරෙහිව චෝදනා පැවතුණේ.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඒ එච් එම් ෆවුසි මහතාට එරෙහිව පවරා තිබුණා.

එය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

Related posts

තවත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 5 කට සංචරණ සීමා

Mohamed Dilsad

උසස් පෙළ සිසුන් කොට උඩ – ආචාර්යවරුන්ගේ තීරණය ?

Mohamed Dilsad

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

Leave a Comment