දේශීය

ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවට පක්ෂ 11ක නායකයින්

(UTV | කොළඹ) –  සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවට මීට පෙර තොරතුරු අනාවරණය වී තිබුණි.

කෙසේ වෙතත් මේ වනවිට ආරංචි මාර්ග සඳහන් කරන්නේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාව පැවැත්වෙන්නේ පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11ක නායකයින් සමඟ පමණක් බවය.

ආණ්ඩුවට සම්බන්ධ සියලු පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවට මීට පෙර වාර්තා විය.

එහිදී අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සදහා යම් එකඟතාවන්ට එළඹීම පිළිබඳව සහ ඒ සඳහා යෝජනා විමසීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවටද කරුණු වාර්තා වී තිබුණි.

Related posts

බස්නාහිර මෙහෙයුමකදී රථවාහන නීති උල්ලංඝණය කළ රැසකට නඩු

Mohamed Dilsad

පළවන අසත්‍ය වාර්තාවක් ගැන මහබැංකු අධිපතිගෙන් ට්විටර් පණිවුඩයක්

Mohamed Dilsad

එකම දිනයක යුවළ 20ක් යුග දිවියට – රිෂාඩ් බදියුදීන්ගෙන් සමාජ සත්කාරයක්

Editor O

Leave a Comment