දේශීය

ෆවුසි නිදොස් කොට නිදහස්

(UTV | කොළඹ) – අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල සමයේ රජයේ වාහනයක් අවභාවිත කිරීමෙන් රජයට රුපියල් ලක්ෂ 10 ක මුදලක් අවභාවිත කල බවට වන නඩුවෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ඒ එච් එම් ෆවුසි මහතා නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

නිදහස් සන්ධාන රජය සමයේ පුනුරුත්ථාපන අමාත්‍යංශයට නෙදර්ලන්ත රජයෙන් ලද වාහනයක් මෙලෙස අවභාවිත කල බවටයි ඔහුට එරෙහිව චෝදනා පැවතුණේ.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ඒ එච් එම් ෆවුසි මහතාට එරෙහිව පවරා තිබුණා.

එය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

Related posts

රන්ජන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට

Mohamed Dilsad

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය : කෝටිපති ව්‍යාපාරිකයාට හා පුතාට ඇප

Mohamed Dilsad

කුසල් සමාව ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment