දේශීය

විදුලිබල මණ්ඩල සේවකයින් අද විරෝධතාවක

(UTV | කොළඹ) – මහජනතාවට අඛණ්ඩව විදුලි සැපයුම ලබා දෙන ඉල්ලමින් අද දහවල් 12 ට විදුලි බල මණ්ඩලයේ සේවකයින් සිය වැඩබිම් ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබේ.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේ ආණ්ඩුවේ නොහැකියාව විදුළිබල මණ්ඩලයේ සේවකයින් ඇතුලු අනෙකුත් සේවකයින් මතින් මුදා හැරීමට ආණ්ඩුව දරන උත්සහයට සිය අප්‍රසාදය පළකරන බවයි.

රටේ ජනතාවට අඛණ්ඩව විදුලිය ලබාදෙන්න වහාම මේ මර්දන නීතිරීති අකුලන්න කියන බලපෑම කරමින් දහවල් 12ට සමස්ත විදුලිබල මණ්ඩලයේ සේවකයෝ ආණ්ඩුවට විරෝධය පලකරමින් තමන්ගේ වැඩබිම් ඉදිරිපිට දැවැන්ත විරෝධතා පවත්වන්න තීරණය කර තිබෙනවා.

ආණ්ඩුවේ නොහැකියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින්ගේ පිට දානවා. විදුලිබල සේවකයෝ වැඩ ඒ වුනාට සේවකයින්ට පඩි දෙන්න බැරි තැනට විදුලිබල මණ්ඩලයේ ගිණුම් අක්‍රීය වෙලා.

Related posts

පාර්ලිමේන්තුව අගෝස්තු 08 වනදා සිට රැස්වෙයි

Mohamed Dilsad

අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ඉදිරියේදී රටේ ආර්ථිකය බරපතල අවධානමක – ජන අරගල සන්ධානය අනතුරු අගවයි

Editor O

කොවිඩ් 19 අරමුදලේ තැන්පත් ශේෂය කෝටි 100 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment