විදෙස්

සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට සැකයක්

(උදයම්,ඇමෙරිකාව)  –   රැන්සම්වෙයා සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට පරිඝනක ආරක්ෂක විශේෂඥයන් සැක පළ කරයි.

මෙමෙ දැවැන්ත සයිබර් ප්‍රහාරයෙන් ලොව පුරා රටවල් 150කට වැඩි සංඛ්‍යාවක පරිඝනක තුන්ලක්ෂයකට වැඩි සංඛ්‍යාවකට බලපෑම් එල්ල විය.

මෙම රැන්සම්වෙයා පරිඝනක වෛරසය උතුරු කොරියාව අනවසර පිවිසීම් සඳහා යොදා ගන්නා වෛරස්වලට බෙහෙවින් සමාන වන බව Google සමාගමේ පරීක්ෂක නීල් මේතා ප්‍රකාශ කළේය.

ඊශ්‍රායල පරිඝනක ආරක්ෂක සේවා සමාගමක් ද සයිබර් ප්‍රහාරයට උතුරු කොරියානු සම්භවයක් ඇති බවට මත පළ කර තිබේ.

මෙම පරිඝනක වෛරසය ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය මගින් සංවර්ධනය කිරීමෙන් අනතුරුව හැකර්වරුන් සොරා ගත් එකක් බවටයි විශ්වාස කරයි.

Related posts

ඉරානය අයන් ඩෝම් මගරින නවතම මිසයිලයකින් පහර දෙයි.. එහි පින්තූර තහනම්.. පලස්තීන අහස පාලනය තම මිසයිලවල බව කියයි…

Editor O

ඊශ්‍රායල් සොල්දාදුවන් පිරිසක් ඉලක්ක කර ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

ඇමෙරිකානු කඳවුරුවලට එල්ල කළ ප්‍රහාරය මැදපෙරදිග රටවල් හෙළාදකී

Editor O

Leave a Comment