දේශීය

ගැටළු සඳහා වහාම කඩිනම් පියවර – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

(UTV | කොළඹ) – විදුලි කප්පාදුව ඇතුළු හේතු කිහිපයක් නිසා ජනතාව පත්ව ඇති අසීරුතාවය පිළිබඳ අවධානය යොමුකළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම ගැටලු නිරාකරණය සඳහා වහාම කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට නියෝග කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ජනතාව මුහුණදෙන සෙසු ගැටලු සඳහා ද විසඳුම් ලබාදීමට අග්‍රාමාත්‍යවරයා මේ වන විටත් අදාළ බලධාරීන්ට අවශ්‍ය නියෝග සහ මාර්ගෝපදේශ ලබාදී ඇති බව එම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුළත රට ක්‍රමයෙන් යථා තත්වයට පත්වනු ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

Related posts

හිටපු ජනාධිපති රනිල්, මන් මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි.

Editor O

ඉන්දන පිරවුම්හල් වැසීයෑමේ අවධානමක් ගැන අනාවරණයක්

Editor O

නීතිවිරෝධී කටවුට් ඉවත් කිරීමට පොලීසිය වෙත රුපියල් ලක්ෂ 758ක්

Mohamed Dilsad

Leave a Comment