Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල්, මන් මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන් මෝහන් සිං මහතාගේ දේහයට අද(27) නව දිල්ලි අගනුවරදී අවසන් ගෞරව දැක්වීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මන්මෝහන් සිං මහතාගේ බිරිය වන ගුර්ශරන් කෞර් කෝලි මහත්මියට ශෝකය පළ කළේය.

එම අවස්ථාවේ නව දිල්ලියේ මන්මෝහන් සිං මහතාගේ නිවසට පැමිණ සිටි ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි මහතා සමඟද රනිල් වික්‍රමසිංහ මහතා කෙටි සාකච්ඡාවකට එක් විය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ දිනවල ඉන්දීය සංචාරයක නිරතව සිටින අතර ඒ අතරතුර ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය.

Related posts

England recall Jennings and drop Foakes for final Test

Mohamed Dilsad

ஒரே நாளில் சமந்தாவின் இரு படங்கள் ரிலீஸ்

Mohamed Dilsad

Sri Lanka toil on day 1

Mohamed Dilsad

Leave a Comment