දේශීය

ශ්‍රීලංකන් මොස්කව් යෑම නවතයි

(UTV | කොළඹ) – ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව සහ රුසියාවේ මොස්කව් නගරය අතර සිදුකරන ගුවන්ගමන් අද (28) සිට අත්හිටුවීමට තීරණය කර තිබේ.

ගුවන් සමාගමට පාලනය කළ නොහැකි හේතු නිසා එම තීරණය ගත් බව නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රීලංකන් ගුවන් සමාගම පැවසීය.

රුසියාවේ තත්ත්වය යථා තත්ත්වයට පත්වූ පසු නැවත එම මෙහෙයුම් ආරම්භකිරීමට බලාපොරොත්තු වන බව එම සමාගම පැවසීය.

ශ්‍රීලංකන් ගුවන් සමාගම කොළඹ සහ මොස්කව් අතර සතියකට දෙවරක් ගුවන්ගමන් සිදුකළේය.

Related posts

අත්‍යවශ්‍ය සේවා සඳහා ලංගම බස් රථ යොදවයි

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට අදාළ රහසිගත තොරතුරු ආණ්ඩුව ට ලබාදුන්නා : හෙළි කිරීම නොකිරීම ආණ්ඩුවේ වැඩක්

Editor O

තවත් ඖෂධ මගඩියක්?

Mohamed Dilsad

Leave a Comment